*මෙම චක්‍රලේඛයෙහි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය.
*මෙම චක්‍රලේඛයෙහි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය.
තරග කොන්දේසි සහ විස්තර
I. සමස්ත තරග අනු කොටස් දහයක් (10) සඳහා රාජ්‍ය මට්ටමින් අගයකිරීම් මෙම උළෙලෙහිදී සිදුකෙරේ. සියලුම තරග අනු කොටස් සඳහා ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන මෙන්ම කුසලතා ස්ථානයන් පහක්ද තෝරාගැනෙන අතර යම්කිසි තරග අනු කොටසක් සඳහා යම් ජයග්‍රාහී ස්ථානයක් වෙනුවෙන් සුදුසු කෘතියක් ඉදිරිපත්ව නොපවතින බව තේරීම් මණ්ඩලය විසින් තීරණය කරන්නට යෙදුණහොත් එම ජයග්‍රාහී ස්ථානය සඳහා වන ත්‍යාග සහ සහතිකපත් ආදිය පිරිනොනැමෙනු ඇත. තේරීම් මණ්ඩලයේ විශේෂ සම්මානයන් වෙතොත් ඒවා තේරීම් මණ්ඩලයේ තීරණය මත එක් තරග අනු කොටසක් වෙනුවෙන් උපරිම වශයෙන් එක් විශේෂ සම්මානයක් යන කොන්දේසියට යටත්ව පිරිනැමෙනු ඇත.
II. ඕනෑම තරගකරුවකුට කිසිදු භේදයකින් තොරව ඕනෑම තරග කාණ්ඩයක් සඳහා සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකි වෙයි. එක් තරග කාණ්ඩය් සඳහා ඉදිරිපත් කළහැකි උපරිම නිර්මාණ (ඇතුළත් කිරීම්/Entries) සංඛ්‍යාව හතර (04) කි.
III. සිය නිර්මාණය පිළිබඳ ප්‍රේක්ෂකයාට ඉදිරිපත්කළහැකි වචන 50 කට නොඅඩු සටහනක් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් ලබාදිය යුතුය. එකී සටහන ත්රයිභාෂිකව නිර්මාණය සමග ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
IV. ඒකවර්ණ (Monochrome) හෝ වර්ණ (Color) ඡායාරූප ඉදිරිපත් කළ හැකි වෙයි. ඡායාරූපයෙහි දිග පැත්ත පික්සල් 1920 හෝ පළල පැත්ත පික්සල් 1080 යන නිර්ණායක දෙකෙන් අවම වශයෙන් එකකට අනුකූල වන සේ ඡායාරූප ඉදිරිපත් කළ යුතු වේ.
V. ඡායාරූප ගොනුව sRGB හෝ AdobeRGB සම්මත වර්ණ පරාසය තුළ පැවතිය යුතු අතර එක් ඡායාරූපයක උපරිම ගොනු ධාරිතාව 2MBට වැඩි නොවිය යුතුය.
VI. කෘතියේ අන්තර්ගතයට අදාල නොවන දිය සළකුණු, දින, මුද්‍රාවන් ආදී බාහිර සළකුණු යෙදූ ඡායාරූප වේනම් එබදු ඡායාරූප තරගයෙන් ඉවත් කරනු ලැබේ.
VII. ප්‍රමාද වී ලැබෙන සහ තරග කොන්දේසිවලට පටහැනි ලෙස ඉදිරිපත්ව තිබෙන කෘතීන් පෙර දැනුම්දීමකින් තොරව තරගයෙන් ඉවත් කෙරෙනු ඇත.
VIII. යම් කෘතියක ඍජු ග්‍රහණය කරගැනීමට අදාල සංඛ්‍යාංක ගොනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටින අවස්ථාවකදී එය ලබාදීමට ඡායාරූප ශිල්පියා අසමත් වුවහොත්, අදාල කෘතිය තරගයෙන් ඉවත් කිරීමට, ජයග්‍රහණ ලබා නොදීමට හෝ ලබාදුන් ජයග්‍රාහී සම්මාන, මුදල් ත්‍යාග සහ සහතිකපත් අවලංගු කොට නැවත කැඳවීමට එය ප්‍රමාණවත් හේතුවක් සේ සලකනු ලැබේ.
IX. කෘතීන් උඩුගතකිරීමේදී හෝ බාගතකිරීමේදී සිදුවන හානි පිළිබඳ කිසිදු වගකීමකට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව බැඳී නොසිටී.
X. යම් තරග අංශයකට අදාල කොන්දේසිවලට, තාක්ෂණික ප්‍රමිතීන්ට සහ නිර්ණායකයන්ට අනුකූල කෘතීන් නොලැබුණු අවස්ථාවකදී අදාල තරග අංශ සඳහා වන ත්‍යාග, සහතිකපත් හෝ සම්මාන ලබා නොදීමට මෙන්ම ලබාදුන් ජයග්‍රාහී සම්මාන, මුදල් ත්‍යාග සහ සහතිකපත් අවලංගු කොට නැවත කැඳවීමට තේරීම් මණ්ඩලයට පූර්ණ බලතල හිමිවේ.
XI. තරගය සඳහා ඉදිරිපත්කෙරෙන සියලු කෘතීන්, එකී ඉදිරිපත්කරන ශිල්පියා විසින් ග්‍රහණය කරගන්නා ලද/නිර්මාණය කරන ලද කෘතීන් විය යුතුය. කෘතියෙහි අයිතිය පිළිබඳ යම් නෛතික ගැටලුවක් ඇති වුව හොත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒ සඳහා මැදිහත් නොවේ.
XII. තරග වංචාවන් සිදුකිරීමට උත්සාහ කරන ලද බවට හඳුනාගන්නා තරගකරුවන් අසාදු ලේඛනගත කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලැබේ.
XIII. කිසිදු පුද්ගලයකු හෝ කණ්ඩායමක් අගතියට පත්වන සේ නිර්මාණය වූ කෘතීන් තරගය සඳහා ඉදිරිපත් නොකළ යුතුය. එබඳු කරුණක් අරභයා යම් මතභේදාත්මක හෝ නෛතික හෝ ගැටළුකාරී තත්වයන් ඇති වේ නම්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒ සඳහා මැදිහත් නොවන්නා සේම, එහි වගකීමද සහමුලින්ම තරගකරු විසින් භාරගත යුතු වේ.
XIV. තරගය සඳහා ඉදිරිපත් කෙරෙන සියලු කෘතීන්ගේ බුද්ධිමය දේපළ අයිතිය ශිල්පියා සතුවන අතර ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගැනීමේ අයිතිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සතුය.
XV. පූර්ව අවස්ථාවක රාජ්‍ය ඡායාරූප උළෙලකදී සම්මානයට පාත්‍ර වූ ඡායාරූප ඉදිරිපත් නොකළ යුතු ය.
XVI. තරගය සඳහා ඉදිරිපත්වීම සියලු තරග කොන්දේසි පිළිගැනීමක් සේ සැලකේ.
XVII. මෙම තරගය, ප්‍රදර්ශනය සහ සම්මාන උළෙල සම්බන්ධ සියලු ප්‍රතිපත්තිමය තීරණයන්හි අවසන් තීරකයා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වේ.
XVIII. තරගය සඳහා අයැදුම්පත් යොමුකිරීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ dca.lk වෙබ් අඩවියට පිවිස අදාළ අයැදුම්පත සම්පූර්ණකර උඩුගත කිරීමෙන් සිදු කළ යුතුය.
XIX. මෙම තරගයට ඇතුලත්වීම සඳහා කිසිදු අයකිරීමක් නැත.
XX. තරගයේදී සියලුම කරුණු පිළිබඳ අවසන් තීරණය අදාල තරග කාණ්ඩය සඳහා වන තේරීම් මණ්ඩලය සතු වන අතර රාජ්‍ය දෘශ්‍යකලා අනුමණ්ඩලය ඒ සඳහා කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදුනොකරනු ඇත.
XXI. රාජ්‍ය දෘශ්‍යකලා සම්මාන උළෙලෙහි කොටසක් ලෙස පැවැත්වෙන රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙලෙහිදී අදාල ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග, සම්මාන සහ සහතිකපත් පිරිනැමීම සිදු වේ.
කෘතීන් භාරගැනීම ආරම්භක දිනය 2025 ජූලි 25
කෘතීන් භාරගැනීම අවසන් දිනය 2025 සැප්තැම්බර් 25 දක්වා දීරිඝ කර ඇත.
රාජ්‍ය දෘශ්‍යකලා අනුමණ්ඩලය
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
8වෙනි මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල
විමසීම්:-
ලේකම්, රාජ්‍ය දෘශ්‍ය කලා අනුමණ්ඩලය- 0112882551
Website:- https://www.dca.lk
Facebook:- https://www.facebook.com/culturaldept.gov.lk
කේ.එස්.දිල්හානි
සංස්කෘතික කටයුතු අධ්යක්ෂ