බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෘශ්‍ය කලා අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන, රාජ්‍ය චිත්‍ර මූර්ති උලෙළ සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2025 අගෝස්තු මස 31 වන දින වේ.
❖ මේ සමඟ අමුණා ඇති ආකෘතිය අනුව සම්පූර්ණ කරන ලඳ අයදුම් පත්‍රය සමග අයදුම්කරුගේ පාස්පෝට් ප්‍රමාණයේ (2x2 inches, 600x600 pixels) එවිය යුතුය.
❖ ඉදිරිපත් කරනු ලබන නිර්මාණය, චිත්‍ර නිර්මාණයක් වේ නම් එහි පැහැදිලි ඡායාරූප 02ක් (1920x1080 pixels) ද, මූර්ති සහ ස්ථාපන නිර්මාණයක් නම් එහි ඉදිරිපසින්, පිටුපසින් හා දෙපසින් ගත් ඡායාරූප 04 ක් (1920x1080 pixels) ද එවිය යුතුය.
❖ නිර්මාණ ඉදිරිපත් කිරීම සදහා මාර්ගගත ක්‍රමය (Online) පමණක් භාවිත කළ යුතුය. ඒ සඳහා https://www.dca.lk යන වෙබ් පිටුවට පිවිස අදාළ ගූගල් පෝරමය (Google Form) සම්පූර්ණ කළ යුතුය.
තරග ස්වභාවය
❖ තරගාවලියට ඉදිරිපත් වූ සියලු නිර්මාණ පළමු වටයේ දී තෝරා ගනු ලබන්නේ අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති ඡායාරූප ඇසුරින් වේ. එසේ තෝරා ගන්නා නිර්මාණවල මුල් කෘති, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙනු ලබන දිනයක දී කොළඹ 07,පිහිටි ජාතික කලා භවන වෙත (ප්‍රදර්ශනයට සුදුසු මට්ටමින් සකසා) ගෙනවිත් භාරදිය යුතු වේ.
❖ මුල් කෘති සම්බන්ධව දෙවන වටයේදී සිදු කරන විනිශ්චයකින් පසු තෝරා ගනු ලබන නිර්මාණ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.
❖ දෙවන වටයේදී එක් එක් තරග අංශවලට අදාළව ජයග්‍රහනය කරන ලඳ නිර්මාණ සඳහා සම්මාන සහතික හා මුල්‍ය ත්‍යාග පිරිනමනු ලැබේ.
තරග කොන්දේසි
01. මෙම තරගය වයස අවුරුදු 18 ට වැඩි අයදුම්කරුවන් සඳහා පැවැත්වෙන විවෘත තරගයකි.
02. මේ සඳහා 2024 වර්ෂයේ සිට 2025 වර්ෂය අතර කාලයේ නිර්මාණය කළ කලා කෘති පමණක් ඉදිරිපත් කළ හැකි වේ.
03. එක් එක් තරග අංශ යටතේ දක්වා ඇති පැහැදිලි කිරිමවලට යටත්ව තමන් කැමති තේමාවකින් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
04. එක් අයදුම්කරුවකුට එක් තරග අංශයක් යටතේ ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.
05. එක් නිර්මාණයක් තරග අංශ කිහිපයක් සඳහා ඉදිරිපත් කළ නොහැකි අතර, නිර්මාණ ඉදිරිපත් කරනු ලබනතරග අංශය පැහැදිලිව සඳහන් කළ යුතුය. අයදුම්කරු විසින් සදහන් කරනු ලබන තරග අංශය හා නිර්මාණය අතර, යම් නොගැළපීම් ඇතොත් එම නිර්මාණය ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකි වේ.
06. මාර්ගගත අයදුම් පත්‍රයෙහි සඳහන් තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි බසින් නිවැරදිව සහ පැහැදිලිව සම්පූර්ණ කළ යුතු වේ. එම තොරතුරු නිවැරදි නොවන්නේ නම් සහ අසම්පූර්ණ අයදුම්පත් තරගයෙන් ඉවත් කරනු ලැබිය හැකිය.
07. නිර්මාණ භාරදීමේ දී, නැවත රැගෙන යාමේ දී සහ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ශාලාව සකස් කරන අවස්ථාවන්හි දී නිර්මාණකරු පැමිණීම අනිවාර්ය වේ. ප්‍රදර්ශනයෙන් පසු දිනම ප්‍රදර්ශන ශාලාවෙන් නිර්මාණකරු විසින් තම නිර්මාණය ඉවත් කරගත යුතු අතර, එසේ ඉවත් කර නොගන්නා නිර්මාණ සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වගකියනු නොලැබේ.
පොදු කොන්දේසි
01. රාජ්‍ය චිත්‍ර මූර්ති උලෙළට අදාළ සියලු කොන්දේසිවලට තරගකරුවන් යටත්විය යුතුය.
02. රාජ්‍ය චිත්‍ර මූර්ති උලෙළේ සියලු විනිශ්චය කටයුතු සිදුකරනු ලබන්නේ මෙරට දෘශ්‍ය කලා ක්ෂේත්රයේ ප්‍රවීණ සහ විද්වත් විනිසුරු මඩුල්ලක් විසින් වන අතර, විනිශ්චය මණ්ඩය විසින් ගනු ලබන තීරණ අවසන් තීරණ වේ.
03. රාජ්‍ය චිත්‍ර මූර්ති උලෙළ සඳහා ඉදිරිපත් කරනු ලබන නිර්මාණ පිළිබඳ තම නෛතික අයිතිය,අයදුම්කරුවන් විසින් අදාළ ගූගල් පෝරමයෙහි (Google Form) සනාථ කළ යුතුය.
04. නිර්මාණ සම්බන්ධව නෛතික තත්ත්ව තහවුරු කිරිමේ ගැටලු අවස්ථාවලදි, එම නිර්මාණ විනිශ්චයට ඉදිරිපත් කිරිම හෝ නොකිරීමට මෙන්ම, එම නිර්මාණ සඳහා සම්මාන ප්‍රදාන කිරිම හෝ නොකිරිම පිළිබඳ අවසන් තීරණය ගැනීමේ අයිතිය රාජ්‍ය දෘශ්‍ය කලා අනුමණ්ඩලය හා සංස්කෘතික කටයුතු අධ්යක්ෂසතු වේ.
05. අවශ්‍ය සාධන මට්ටමට ලඟා නොවිම හෝ තරග කොන්දේසි උල්ලංගනය කිරිම හෝ වෙනත් නෛතික ගැටලු අවස්ථාවලදි, තරග අංශ සඳහා දක්වා ඇති මූල්‍ය ත්‍යාග, සම්මාන, සහතිකපත් ප්රදානය කිරිම හෝ නොකිරිමේ නෛතික බලය රාජ්‍ය දෘශ්‍ය කලා අනුමණ්ඩලය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සතු වේ.
06. රාජ්‍ය දෘශ්‍ය කලා අනුමණ්ඩලයට, නිර්මාණ විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකුට, ශ්‍රී ලංකා කලා මණ්ඩලයටහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකුහට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකුහට රාජ්‍ය චිත්‍ර මූර්ති උලෙළ සඳහා අයදුම් කළ නොහැකිය.
07. රාජ්‍ය චිත්‍ර මූර්ති උලෙළට අදාළ වැඩිදුර තොරතුරු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ" සංස්කෘතික හා කලා කටයුතු ප්‍රවර්ධන අංශයෙන් හෝ දිවයිනේ පිහිටි ඕනෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක / ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවයේ නියුතු සංස්කෘතික නිලධාරී මගින් ලබා ගත හැකිය.
විමසීම්:-
ලේකම්, රාජ්‍ය දෘශ්‍ය කලා අනුමණ්ඩලය- 0112882551
Website:- https://www.dca.lk
Facebook:- https://www.facebook.com/culturaldept.gov.lk
කේ.එස්.දිල්හානි
සංස්කෘතික කටයුතු අධ්යක්ෂ